මල්වතුඔය පාරිසරික සංචාරක සංවර්ධන වැඩසටහන

Malwatu-Oya Eco-Tourism Development Program

මල්වතුඔය (කදම්බ නදිි)

  • මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලුව කදුවැටිය හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා රිටිගල කදුවැටිය ආශ්‍රිත ජල උල්පත් හරහා නිර්මාණය විි ඇත.
  • කි.මිි 162 දිග මල්වතුඔය අනුරාධපුර, වව්නියාව, මන්නාරම දිස්ත්‍රික්ක හරහා ගලා ගොස් මන්නාරම අරිප්පු ප්‍රදේශයෙන් මුහුදට ගලා යයි. ප්‍රසිද්ධ තේක්කම් අමුණද මෙම මල්වතු ඔය හරහා ඉදිවිි ඇත.
  • රී ලංකාවේ පිහිටා ඇති ගංගාද්‍රෝණි 103 න් දෙවෙනි විශාලම ගංගා ද්‍රෝණිය මල්වතු ඔයයි.විශාලත්වය වර්ග කිලෝමීටර 3246කි.
Malwathu Oya
Life Around Malwathu Oya
Life Around Malwathu Oya 1
Life Around Malwathu Oya 2
Life Around Malwathu Oya 3

ව්‍යාපෘති බල ප්‍රදේශය

 

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 236 සුචරිතගම තුලාන ඓතිහාසික වශයෙන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ වෙහෙර විහාර පිහිටි පෞරාණික ගම්මානයකි. 

 

  • තුලානට ගම්මාන දෙකකි. එනම් වටපොතුගම හා යහලේගමයි.යහලේගමට උතුරින් සුචරිතගම වැවත් දකුණින් හා බටහිරින් මල්වතුඔයත්, නැගෙනහිරින් නාච්චාදුුව ජලාශයත් පිහිටා ඇත. 

 

  • මෙම ගම්මානයේ පවුල් 373 ජීවත් වන අතර ඓතිහාසික පුරාන ආශ්‍රාරාම, විහාරස්ථාන හා නටඹුන්ව ඇති මාළිගා කන්ද පුරාවිද්‍යා ස්ථානය, මෙගලිතික සුසාන භූමිය ගම්මානය තුල පිහිටා ඇත.

 

  • ගම්මානයේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර සත්ව පාලනයෙද යෙදෙන පිරිසක් ජීවත් වෙයි.

අරමුණු

අනුරාධපුර නැගෙනහිර නුවරගම් ප්‍රාදේශය තුල ලේකම් කොට්ඨාසය තුල පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රාදේශයේ ජීවත්වන ජනතාවගේ ආදායම ඉහල නැංවීම. පාරිසරික සංචාරක කර්මාන්‍තය කෙරෙහි යොමු නොවු තරුණ තරුණයින් සංචාරක කර්මාන්තයට ආකර්ශනය කර ගැනීම හා ආකල්ප කුසලතා වර්ධනය කිරීම, රැකියා අවස්ථා කෙරෙහි යොමු කිරීම. 236 සුචරිතගම (යහලේගම) ප්‍රාදේශිය පාරිසරික සංචාරක ව්‍යාපාර සඳහා සුදුසු ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරිම. මල්වතුඔය ආශ්‍රිතව ජීවත්වන විවිධ හැකියාවන් හා දක්ෂතාවයන් සපිරි අඩු ආදායම්ලාභි ප්‍රජාව සඳහා නව සංචාරක ව්‍යාපාර හදුන්වාදීම. සම්බන්ධිිකාරක - 077- 9905151

මල්වතු ඔය පාරිසරික කලාපය

  • මල්වතු ඔය කුළ 15කට අයත්, ආවේණික මත්ස්‍ය විශේෂ 21ක් සහ විදේශීය විශේෂ 6ක් ඇතුළුව සමස්ත මත්ස්‍ය විශේෂ 37කට වාසස්ථාන සපයයි. ඒ අතරින් Labeo lankae (තඹලයා) මෙම ගංගාවේ නිරීක්ෂණය කළ හැක. 

 

  • මීට අමතරව, උරග විශේෂ 10 ක්, පවුල් හයකට ආවේණික උරගයන් 3 ක් ද, කඳුකර ප්‍රදේශයේ කැපී පෙනෙන ලෙස Hypnale hypnale (කුනකටුවා) බහුලව දක්නට ලැබේ. 



  • කුරුළු සමීක්ෂණය මගින් කුළ 55ක් හරහා විශේෂ 147ක් වාර්තා කර ඇති අතර, ඒවාට ආවේණික 7ක් සහ සංක්‍රමණිකයන් 29ක් ඇතුළත් විය. 

 

  • මල්වතු ඔය වාසභූමිය ආශ්‍රිතව ක්ෂීරපායී විශේෂ 24ක් ඇත. කෘමි විවිධත්වයට කුළ 5කින් සහ ගණ 39කින් සමනල විශේෂ 57ක් ද, කුළ 5කින් සහ ගණ 26කින් බත්කූරු විශේෂ 33ක් ඇතුළත් වේ.
Environmental Zone around the Malmathu Oya
Environmental Zone around the Malmathu Oya 2

සම්බන්ධිකරණය හා මෙහෙයවිිම

ප්‍රාදේශිිය මහා ලේකම් කාර්යාලය - නැගෙනහිර නුවරගම් පළාත සංචාරක අමාත්‍යංශය - උතුරු මැද පළාත Ruwan Rekha Outreach

Leave a Reply

Your email address will not be published. Required fields are marked *